சஞ்சய் சட்டத்தரணி - எனச் சொல்வதிலும்
என் உற்றத் தோழன் எனச் சொல்கையிலே
நான் பெற்ற இன்பம் பேரின்பம்.
மற்றவர் போலன்றி கட்டணம் கொடு நிச்சயம் பேசுவேன் என வெட்டொன்று துண்டிரண்டாய் என்னை தட்டிக் கழிக்காமல்.
நான் பட்டண சட்டதத்தரணி பட்டிக் காட்டானுக்கெல்லாம் பேசமுடியாது என்று என்னை
புறம் ஒதுக்காமல்.
தீவிரவாதி நீ உன்னாவணங்களை
தீண்டுவதே தீட்டாகும்
என்றென்னை குற்றஞ் சாட்டாமல்.
வேற்று மொழி பேசுபவன் நீ என
வேற்றுமை காட்டாமல்
கவியெழுதி நூலச்சிட்டு வேண்டா வேலை செய்தவன் என என்னை விரட்டாமல்.
மதத்தால் நீ வேற்றான்
இனத்தால் நீ மாற்றான்
பணத்தால் நீ தாழ்ந்தான்
மனத்தால் நீ சாத்தான்
குணத்தால் நீ சஹ்ரான்
எனச்சொல்லி பேதங்கள்
ஏதுமே பார்க்காமல்.
ஒற்றை ரூபாய் இற்றை வரை
பெற்றுக் கொள்ளாமலே
நாள்தோறும் பெற்றோருக்கு அடுத்ததாய் என் மீது அக்கறை
கொண்டு அயராது உழைக்கும்
உத்தமர் தானே நீர்.
உமக்கென்ன கைமாறுதான்
நான் செய்வேன்.
நல்வழியில் நீடுழி வாழ ஏகனிறைவனிடம் வேண்டுவேன்.
சாதனைகளின் உயரம் ஏற
நான் உம்மை போற்றுவேன்.
யான் பெற்ற இன்பம்
இவ்வையகம் பெற
என் தோழரை
தொடர்பு கொள்க!
#Lawyer_Sanjay_Wilson_Jayasekara #+94777497101
2022.07.03
10.30 AM
![]() |
| with Sanjay Lawyer at Supreme Court Compound |
නීතිඥ සංජය - එහෙම කියනවාට වඩා, ඔහු මගේ හොඳම මිතුරා යැයි කීම මට ඉමහත් සතුටක් ගෙන දෙයි.
සමහරු කරනවා වගේ,
ගාස්තුව ගෙව්වොත් අනිවාර්යයෙන් නඩුවට පෙනී සිටින්නම් කියා මාව නොසලකා හැරියේ නැත.
මම නගරයේ ප්‍රසිද්ධ නීතීඥයෙක්. ගමේ ගොඩේ හැම එකාටම නඩු කතා කරන්න මට බැහැ කියා...
මාව කොන් නොකර,
නුඹ ත්‍රස්තවාදියෙක් නුඹ ලඟින් සිටීමත් සුදුසු නෑ
යනුවෙන් දොස් නොපවරා,
නුඹ අන්‍ය භාෂාවක් කතා කරන කෙනෙක්,
යැයි කියා වෙනස්කමක් නොකර,
කවි ලියමින්, පොත් ලියමින් අනවශ්‍ය වැඩ කරපු කෙනෙක් කියා මාව එලවා දමන්නේ නැතුව,
ආගමෙන් නුඹ වෙනස්
ජාතියෙන් නුඹ වෙනස්
නුඹට වත්කමක් නැත, සල්ලි නැත.
මනසින් නුඹ සාතන් ය
හැසිරීමෙන් නුඹ සහරාන් ය...
යැයි කියා කිසිම වෙනස්කමක් මට නොකර,
එක ශතයක් හෝ ලබා නොගෙන,
මගේ දෙමාපියන්ගෙන් පසුව මා ගැන නිතර සොයා බලා රැකබලා ගනිමින්,
අද වන තුරු මා වෙනුවෙන් කැපවී සිටින
ඔබ ඇත්තෙන්ම උතුම් මිනිසෙකි.
ඔබට කෙසේ ස්තූති කරම් ද ?
ඔබට මම සදා ණයගැති ය.
දීර්ඝායු ලබා යහපත් දිවියක් හිමි වේවායි,
ජීවිතයේ ජයෙන් ජය ලැබේවායි,
වෘත්තීය තුළ උසස් තැන් තරණය කිරීමට අවස්ථාව ලැබේවායි...
මාගේ දෙවියන් වෙත ප්‍රාර්තනා කිරීම හැර
ඔබ වෙනුවෙන් වෙන කුමක් කරම් ද !
ඉතින්, මා ලැබූ සතුට ඔබද ලබන්නට...
අමතන්න මගේ මිතුරා !
#නීතිඥසංජයවිල්සන්_ජයසේකර #+94777497101
2022.07.03
පෙ.ව. 10.30

No comments:
Post a Comment